Colombo Today Local News

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජතෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26)දින පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය.

විශේෂයෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගඩබා පර්යන්තය වැඩිදියුණු කිරීම මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතුවල දී සියලු දෙනා එක්ව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගැනිමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පසුගිය කාලය පුරා පත්ව තිබෙන අතර එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම සංස්ථාව නවීකරණය නොවීම හා ඛන්ජතෙල් නිෂ්පාදන තවමත් පිරිපහදුව මගින් නිපදවන්නේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 30-35ක් අතර ප්‍රමාණයක් වීමත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ඉන්ධන සහනාධාර ක්‍රියාත්මක කිරීමත් සඳහා බලපා ඇතැයි එම නියෝජිතයෝ පෙන්වා දුන්නේය.

කෙසේ වුවද 2019 දී රු.බි. 10.09ක පාඩුවක් එම සංස්ථාවට සිදු ඇති බවත්, පසුගිය මාස තුනක කාලය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග රුපියලේ අගය පහත වැටීම, ඛනිජතෙල් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම වැනි හේතු නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රු. බි. 45ක පාඩුවක් සිදුව ඇතැයි එහි උසස් නිලධාරින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

එමෙන්ම ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තය පසුගිය කාලය තුළ වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ ලාබයක් ලබා ඇතත්, කොවිඩ් 19 නිසා මේ වනවිට එම පර්යන්තය ද විශාල පාඩුවකට මුහුණ පා සිටින බවත් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ විය.

එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකමය වශයෙන් අප රටට ඉතාමත් වැදගත් ආයතකන වන ලංකා ඛනිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකා රේතුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,ආගමන විගමණ දෙපාර්තමේන්තුව වැනි ඉහළ ආදායමක් ලබා දිය හැකි ආයතනවල පවතින නාස්තිය දූෂණය මෙන්ම ප්‍රමාදය වළක්වා ගන්නේ නම් ඉහළ ආදායමක් රටට ලබා දිය හැකි බවයි.

කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා බේදවලින් තොරව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Related posts

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

Admin

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday