Colombo Today Local News

රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා දුන් තොරතුරු අසත්‍යයි.. අතර මගදී නිවසකටත් පැනලා..

IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියි.

මෙම රෝගියා IDH රෝහලෙන් පළා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇද සිටි ඇඳුම් ගලවා අතර මග පිහිටි නිවසකට ඇතුල්වී එහි තිබු ඇඳුම් ඇද එහි තිබු පාපැදියක් සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පළා ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කර සිටියා.

මෙම කොරෝනා රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමග ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා ඇදුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජ හරණයට ලක් කොට ඇති බවයි.

මෙම රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

රුපියල් කෝටි 18 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් හසුවේ

colombotoday

ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…

Admin

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

පොලිසිය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්ගේ නිවසට යයි. පරිගණකයේ තිබූ දත්ත රැගෙන යයි.

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday