Colombo Today Local News

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා ඒකකය වසා දමා සමුළුවකට සහභාගි වීම හේතුවෙන් සේවා සඳහා පැමිණි රෝගීන් බරපතළ අපහසුතාවට පත්ව තිබුණා.

28 දින ඒකකය වසා තැබෙන බව දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබුණා. රටේ විවිධ පෙදෙස්වලින් දුරබැහැර සිට වාහන පවා කුලියට ගෙන පැමිණෙන පිරිස් ඒකකයට අවට සිටිනු දක්නට ලැබුණා.

වෘත්තීය සමිතිවලින් පවත්වන සමුළු වෙනුවෙන් සහභාගි වීමට සේවකයන්ට අයිතිය ඇතත් රාජකාරි කටයුතුවලට බාධා නොවෙන ලෙස ඒවා සිදු කිරීම කළ යුතු බවයි වගකිව යුතු අංශ පවසන්නේ.

නමුත් රෝගීන් අපහසුතාවයට පත්කරමින් මෙලෙස දේශපාලන රැස්වීම් සඳහා රෝහල් කාර්‍යමණ්ඩලය සහභාගී වීම රෝගීන්ගේ දැඩි දෝෂාදර්ෂනයට ලක් වී තිබේ.

Related posts

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්

Admin

වරාය ඉන්දියාවට බදු දීමට අගමැති ගෙනා යෝජනවා ජනපති විසි කරයි.. කැබිනට්ටුව ඇවිලෙයි.. ජනපතිගෙන් සැර දොස්මුරයක්..

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday