කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ( 20) සවස කිළිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.
සැකකරු කිළිනොච්චිය මරදනගර් ප්රදේශයේ පදිංචි 32 හැවරිදි එල්. සුදාජීව නැමැති අයෙකු වන අතර සැකකරු විසින් අදාළ කේරළ ගංජා තොගය දකුණු පළාතට ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.