Colombo Today Local News

රුපියල රැකගන්න මහබැංකුව ඩොලර් මිලියන 60ක් විසි කරයි…

රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ ‍පොළට නිකුත් කළ බව වාර්තා විය.

මේ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඊයේ (25) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.39 ක් ලෙස රඳවා ගැනීමට සමත්ව තිබුණි.

එසේ වුවද දිගින් දිගටම ඩොලරයේ අගය ඉහළ යාම වළක්වා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් තරම් නොතිබිම නිසා වෙළෙඳ ‍පොළට ඩොලර් මුදා හැර රුපියල අවප්‍රමාණය කිරීමට උත්සාහ දැරීම ඉතාම තාවකාලික විසඳුමක් බව ආර්ථික විශ්‍ලේෂකයන් පෙන්වා දෙයි. මෙම ප්‍රශ්නයේදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිර විසඳුමක් සඳහා යොමුවීමට රජය කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

Related posts

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday

“ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්” රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු

colombotoday

අධිභාර බද්ද EPF, ETF ඇතුළු අරමුදල් 09 කට ඇතුළත් නොවෙයි…

colombotoday

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

නාලක සිල්වාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවතට

colombotoday

ඇමරිකානු තානාපතිනිය කථානායක කරු හමුවෙයි…

colombotoday