ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය ඊයේ (01 දා) රු. 159.61 ක් දක්‌වා තවදුරටත් පිරිහීමට ලක් විය.
පෙරේදා (31 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 159.47 ක් විය.
මෙලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් පවතින අතර මේ වසරේ (2018) ජනවාරි මස සිට ඉකුත් මැයි 25 වැනිදා අතර කාලයේදී රුපියල සියයට 3.3 කින් පිරිහීමට ලක්‌විය.