Colombo Today Local News

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රාමසාන් කාලයේ මුස්ලිම් දේවස්ථානවල කැඳ සකස් කර ලබාදීමේ වැඩපිළිවෙළ මෙවර නතර කරන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සියලුම දේවස්ථානවලට දැනුම් දී තිබේ.

කැඳ ලබාගැනීම සඳහා ජනතාව දේවස්ථානවලට පැමිණීම වෛරසය තවත් ව්‍යාප්ත වීමට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වෙයි. එම නිසා කැඳ නිවෙස්වල සකස් කරගත යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

රාමසාන් සමයේ ජනතාව ඒකරාශි කර ගනිමින් යාච්ඤා මෙහෙයන් සිදු කිරීමද මුස්ලිම් දේවස්ථානවලට තහනම් කර ඇත. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් සමය ඊයේ (25 වැනිදා) ආරම්භ විය.

Related posts

බොරතෙල් මිල ඉහළට

colombotoday

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday