Colombo Today Local News

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව රහස් පොලිස් කණ්ඩායමක් මේ වන විට රාජිත සේනාරත්න මහතාගේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණය මගින් අද (13) පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව සැකකාර රාජිත සේනාරත්න මහතාගේ ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන එලෙස එලෙස නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියට අදාළ නියෝගය නිකුත් කළාය.

Related posts

බිත්තර වලින් කොමිස් ගන්නා ආණ්ඩුවේ ලොක්කා සොයයි

Admin

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදෙන්න ගිය බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

Admin

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවත හුදකලා කරයි

colombotoday