Colombo Today Local News

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

rajitha

රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු හා එම පවුලේ සමීපතමයන් තිදෙනෙකු ඩුබායිහී පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක අමෙරිකානු ඩොලර් බිලියන 1.4කටඅධික මුදලක් පවතින බව අනාවරණය කරගත් බව කැබිනට් ප්‍රකාශක දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මෙම ගිණුම් තුනෙන් ‍රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට අයත් ගිණුමක අමෙරිකානු ඩොලර් බිලියන 1.086ක් පවතින බව හෙළිදරව් වි ඇති බවයි.

ඇමති රාජිත සේනාරත්න මේ බව පැවැසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මීට අමතරව එම පවුලට ඉතා සමීප සම්බන්ධයක් තිබෙන මන්ත්‍රීවරයකු වූ ව්‍යාපාරිකයකුට අයත් ගිණුමක ‍ඩොලර් මිලියන 500ට වැඩි මුදලක් ද, එවකට සිටි ලේකම්වරයකු සහ ආයතනයක සභාපතිවරයකු සතු හවුල් ගිණුමක ‍ඩොලර් බිලියන 1.8ක් ද වශයෙන් අදාළ විදේශ බැංකුවේ පවතින බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම මුදල් සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විශ්ලේෂණ කටයුතු මේ වනවිට අවසන් කෙරෙමින් පවතින බවද, ඒ පිළිබඳ සියලු තොරතුරු නොබෝ දිනකින් අනාවරණය කළ හැකි බව ද ඔහු පැවසීය.

මේ අතර ඇමති රාජිතගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත් පැවසුවේ රාජපක්ෂලා හොරකම් විදේශ බැංකුවල සැගවූ කෝටි 42,656 මුදල තමන් ඇස් දෙකෙන් දුටු බවයි.

Related posts

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

Admin

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

ජල මණ්ඩලයේ නාස්තිය අවම කරගන්නවා වෙනුවට ජල ගාස්තු 65%න් වැඩි කරන්නටනම් ඇමතිවරයෙක් මොකටද?

colombotoday

“අගරදගුරුගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් මා සතුයි” රන්ජන්ගෙන් අගරදගුරුට චෝදනා

colombotoday