Colombo Today Local News

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

පළාත් පාලන (සංශෝධන) පනතට ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කළ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අතර පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී උණුසුම් ගැටුමක් හටගෙන තිබේ.
ඔවුන් තිදෙනා අතර පාර්ලිමේන්තු ලොබියේ දී දැඩි උණුසුම් වාග් ප්‍රහාර මධ්‍යයේ සිදු වූ මෙම ගැටුම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට ගිය අවස්ථාවේ සෙසු මන්ත්‍රීවරුන් මැදිහත්ව එය සමථයකට පත් කර ඇති බවද එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසු බව ඉරිදා “රිවිර“ පුවත්පත වාර්තා කර සිටියි. පළාත් සභා පනතට එක්කළ නව සංශෝධන නිසා සිය පක්ෂවලට දැඩි අසාධාරණයක් වන බවට රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා සහ රාවුෆ් හකීම් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

සිය සංශෝධනවලට එකඟ නොවන්නේ නම් පනතට ඡන්දය ප්‍රකාශ නොකරන බවද අමාත්‍යවරුන් පැවසූහ.
මේ අවස්ථාවේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට කේන්ති ගිය අතර ඔහු අමාත්‍යවරුන් දෙදෙනාට දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ බැණ වැදී ඇත.
මුදල් වලට සියලු දේ සිදුකරන එම පක්ෂවල ඡන්දය ආණ්ඩුවට අවශ්‍ය නැතැයි පවසමින් කරුණානායක මහතා බැණ වැදී ඇති බවද වාර්තා වේ.

අනතුරුව එම ඇමැතිවරුන් දෙදෙනා මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇත.
පසුව අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍යවරුන් දෙදෙනාගේ සංශෝධනවලට එකඟවන බව පවසා ඇති අතර ඉන් අනතුරුව ඔවුන් යළි පැමිණ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Related posts

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

colombotoday

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday