Colombo Today Local News

රනිල්ට සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

මීට පෙර, එළඹෙන 21 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම් දී තිබුණි.

එදින රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බවට වාර්තා වීමත් සමග ඔහුට නැවත සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට ලබන 21 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නිකුත් කළ සිතාසි එලෙසම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

මීට අමතරව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, නීතිඥ ජේ.සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ද එදින එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම පිරිසට සිතාසි නිකුත් කර ඇත.

Related posts

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday