Colombo Today Local News

රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ -SJB මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිවකු පාර්ලිමේන්තුවේ නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වික‍්‍රමසිංහ මහතාගේ අත්දැකීම පළපුරුද්ද සහ භාවිතය සමඟ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට සමකල නොහැකි යැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නොමැකෙන සලකුණක් වූ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ද ඉදිරි වසර පහේදී ඔහුගේ භාවිතය තිබෙන්නේ නම් එය විශාල වාසියක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග මූලස්ථානය වීරයෝ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

විජේදාස රකින්න ජනපතිත් පෙරට එයි.. ත්‍රෛනිකායත් එක්වෙයි.. එජාපයේ විශ්වාසභංගය විසිවෙයි !

colombotoday

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday