Colombo Today Local News

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

ranawiruආබාධිත යුද හමුදා රණවිරුවන් පිරිසකට හිමි හිග වැටුප් ලබා දී මට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් ආබාධිත යුධ හමුදා රණවිරුවන්ගේ සංගමය අස්ගිරි මහා නා හිමියන් වෙත සංදේශයක් භාර දී තිබේ.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් දැනුම්වත් කළ ද මේ වන තෙක් තමන්ට සාධාරණයක් වී නොමැති බව එම සංගමය සදහන් කර ඇත. 6000කට ආසන්න යුධ හමුදා රණ විරුවන් පිරිසක් මෙලෙස අසාධාරණයට ලක්ව සිටින බවත්, 1998 වසරේ සිට අදාළ වැටුප ලබා දී නොමැති බවත් එම සංගමය සදහන් කර ඇත.

ඒ අනුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, යුධ හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන්ට දැනුම් දෙන බව අස්ගිරි මහා නා හිමියන් එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday