ඊයේ රත්නපුරයේදී පැවැත්වුණු බොදු බල සේනා මිණිපුර “නැගිටිමු” සමුළුවේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කිහිපදෙනකුගේ නම් සදහන් කරමින් “දැන් රටේ තිබෙන්නේ සමලිංගික ආණ්ඩුවක්” යනුවෙන් සදහන් කළා.
එජාප නායකයන් කිහිප දෙනෙකු විසින් මේ ප්‍රකාශයට විරුද්ධව නීතිමය කටයුතු කිරීම සදහා එජාපයේ නීති අංශය සමග සාකච්චා කර ඇතිබව වාර්තා වෙනවා. එහිදී “නඩු දම්මාවගේ නෙවෙයි. වැඩේ උසාවියේදීම ඔප්පු උනොත් ඉවරයි” යනුවෙන් එක් නීතීඥයකුගේ මුවින් පිටවුනු බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.