Colombo Today Local News

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් (මූල්‍ය ව්‍යාපෘතිද ඇතුළත්ව) මෙහෙයවීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනය (ICTA) පවරා රාජ්‍ය තොරතුරු හා තාක්ෂණ කටයුතු මධ්‍යගතකරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පරිගණක ගත රාජ්‍ය තොරතුරු ජාලය මධ්‍යගත කිරීම ඔස්සේ වඩාත් ජනතා හිතවාදී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම අරමුණු වී ඇත. රජයේ ඉදිරි දැක්මට අනුව ‘ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර ලෙස මෙලෙස ජාතික තොරතුරු තාක්ෂණ ආයතන වෙත සියලු රාජ්‍ය ව්‍යාපෘති හා වැඩසටහන් මධ්‍යගත කෙරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් අන්තර්ගත චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන අමාත්‍ය කාර්යාල (පළාත්) ආණ්ඩුකාරවරුන්, සියලුම රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාල වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර ඔස්සේ රටේ ඩිජිටල් කටයුතුවලට අදාළ ‘විද්‍යුත් ගනුදෙනු පනත’ ආදී නීතිමය තත්ත්වයන් ශක්තිමත් කර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම හා නීති විරෝධී ගනුදෙනු වැළැක්වීම ද අපේක්ෂා කෙරේ.

Related posts

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday