Colombo Today Local News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද (11)දින පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ මෙම තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවය.

කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday