Colombo Today Local News

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය කියයි.

විශේෂයෙන්ම සංහිඳයාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාවය අතිශයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හැල්ලුවට ලක්කිරීමක් බවද තානාපති කාර්යාලය කියයි.

Related posts

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

colombotoday

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

colombotoday