Colombo Today Local News

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් දැනුම්දීමක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පල කරනු ලබන තොරතුරු මත පදනම්ව පමණක් කටයුතු කරන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මහජනතාවට දැනුම් දෙයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ වන විට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් සමීපව ඇසුරු කළ හෝ කිසියම් ආකාරයක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක්කරමින් සිටින බව ද චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ක්‍රියාමාර්ගය කොවිඩ්-19 වෛරසය සමාජය තුළ පැතිරීම වැළැක්වීමේ සාර්ථක පියවරක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එසේ කිරීමෙන් ඔවුන් කිසිසේත්ම කොවිඩ් ආසාදිතයින් ලෙස අදහස් නොකරන බවයි ඒ මහතා පවසන්නේ.

Related posts

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

colombotoday

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday