Covid 19

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 12187ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12187 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (04) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 443 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් දිවුලපිටිය හා පෑලියගොඩ කොරොනා පොකුරුවලින් වාර්තා වන අතර එම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8709 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සඳහන් කළේ ය.

වෛරසය ආසාදිතව රෝහල්වල සිටින සංඛ්‍යාව 6305කි.

ඊයේ කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 5858 ක් වේ.

මේ අතර මෙරට 24 වන කොරෝනා ආසාදිත මරණය ඊයේ වාර්තා විය.

එලෙස මියගියේ 79 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ කාන්තාවකි.

සිය නිවසේදී මියගොස් ඇති එම කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇයට කොරොනා ආසාදනය වී ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

colombotoday

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday