Colombo Today Local News

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය තුළින් අසත්‍ය ප‍්‍රකාශ ප‍්‍රචාරය කරමින් ඒවා විවිධ පුද්ගලයින් අතර හුවමාරු කල පුද්ගලයින් දෙදෙනකු අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැලිමඩ බෝගහකුඹුර ගුරුතලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

බෝගහකුඹුර ගුරුතලාව හපුරොද පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයකු හා ගුරුතලාව කුරුදුගොල්ල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 පුද්ගයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා කෝවිඞ් 19 පිලිබද විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔසසේ විශාල ලෙස ප‍්‍රචාරය කිරීම නිසා ඒ පිිළිබදව සිදු කළවිමර්ෂණ කටයුතු අනුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි විමර්ශන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

Related posts

ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5ක් අවලංගු‍යි

Admin

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

සියලු විශ්වවිද‍්‍යාල අද සිට යළි විවෘතයි

colombotoday

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin