මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානය සහ එහි ඉදිකර ඇති බුදු පිළිමය වහා ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිකරන් ප්‍රකාශකර තිබෙනවා.
එය පෞරාණික විහාරස්ථානයක් නොවන බවත් එබැවින් එය ඉවත් කළ යුතු බවත් එසේ නොමැතිනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විහාරස්ථානයේ අයිතිකරුවන් යැයි කියන පිරිසට එරෙහිව නඩු පවරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය දා විහාරස්ථානයට පැමිණි දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් එම භූමියේ බලහත්කාරයෙන් පොංගු තමිල් උත්සවයක් පැවැත්වීම නිසා යම් නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිව තිබුණා.