නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 03 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම පැමිණි ගුවන් යානා 03 කින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.
ඕමානයේ රැඳී සිටි 19 දෙනෙකු, ඩුබායි රැඳී සිටි 35 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි 17 දෙනෙකු එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් අතර වනවා. ඔවුන් සියලූදෙනා ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර, අනතුරුව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.