Colombo Today Local News

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට  අදාළව කිසිවකු අවශ්‍ය පියවර නොගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

අද පොලිස්පතිවරයාට පමණක් ඇතැමුන් චෝදනා එල්ල කළද පොලිස්පති පමණක් නොව පොලිස් කොමිසම සහ ඊට ඉහළින් සිටින අයද මීට වගකිවයුතු බව  ඇමැතිවරයා සඳහන් කළේය.

පොලිස්පති එම තනතුරට නුසුදුසු නම් ඔහු නම් කළ පොලිස් කොමිසම එහි වරද බාරගත යුතු බවත් සෙසු උසස් පොලිස් නිලධාරීන් නුසුදුසු තනතුරුවලට පත්කිරීමද වැරැදි බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමාට බාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් තමාට අදාළ ඇමැති ධුරය හිමිවූයේ නම් පොලිසියට මෙවැනි චෝදනා එල්ලවීමට ඉඩ නොතබන බවත් ඇමැතිවරයා පැවසීය.

තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු කියා සිටියේය.

ඒනිසා පොලිස්පතිවරයාට පමණක් චෝදනා නොකර පොලිස් කොමිසම ද මේ නුසුදුසු යැයි කියන නිලධාරීන් පත් කිරීමේ වරද බාරගත යුතු බවද ඔහු පැවසීය. නැතිනම් පොලිස් කොමිසමෙන් ඇති වැඬේ කුමක්දැයි ද ඔහු විමසීය.

ලංකාදීප

Related posts

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.

colombotoday

හිටපු මහ කොටියෙක් යාපනේදී සමරයි ! (PHOTO)

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday