Colombo Today Local News

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

 මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරියා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඔහුගේ නිර්දෝෂි ඔප්පු කිරීම සඳහා එම අභියාචනය ඉදිරිපත් කරන බවයි.‍

මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත එම නිලධාරියා දිවයිනට ගෙන්වා ගන්නැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට රජයට දැනුම් දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ, එම ඉල්ලීම පරිදි එම නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරන අතරම එම නිලධාරියා මානව හිමිකම් කඩකිරීම් සිදුකර නොමැති බවට අභියාචනය හරහා දැනුම් දෙන බවයි.

පසුගිය වසරේ 12 වැනි මස 24 වන දින මාලි රාජයේ සාම සාධක රාජකාරිය සඳහා එම අණ දෙන නිලධාරියා ඇතුළු 200 දෙනෙකුගෙන් යුත් පිරිස දිවයිනෙන් පිටව ගිය ගොස් තිබේ.

එම පිරිස එළැඹෙන දෙසැම්බර් 24 වන දා දිවයිනට පැමිණිමටත් නියමිතව තිබු බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා මං..

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

colombotoday