Colombo Today Local News

මාධ්‍ය සංදර්ශණ නවත්වා මතට තිතට තැබීමට දෙපයින් හිට ගනිමු! ජනාධිපතිට ලිපියක්

“මතින් තොර රටක්” සංකල්පය පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් ඔහු අවධාරණය කර සිටින්නේ….

රංජිත් විතානගේ
  • “මතින් තොර රටක්” යන නාමය භාවිතා කරමින් මෙරට මත් ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහා උත්සහ කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ ස්තුතිය ඔබතුමා වෙත පිරිනමමු. එහෙත් කණගාටුවෙන් හෝ කරුණු කිහිපයක් ඔබතුමාගේ දැන ගැනීම සදහා යොමු කිරීමට සිදුව ඇත. අප විසින් එම කරුණු ඔබතුමා වෙත යොමු කරන්නේ ඔබගේ උපදේශකයින් විසින් ඔබතුමාව අන්දවා ඇති ප්‍රමාණයේ තරම වටහා ගැනීම සදහා පමණක්මය.
  • ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේ දුන් පොරොන්දු ප්‍රකාශයේ සදහන් කර තිබුනු කරුණක් හා පොරොන්දුවක් වූයේ මතට තිත තැබීමයි. එහෙත් එම පොරොන්දුව මාධ්‍ය සංදර්ශණයකට සීමා කිරීමට තරම් ඔබගේ නිළධාරීන් හා ඔබ කුරිරු වී ඇත. ඔබ ජනාධිපතිවරයා ලෙස පත්වූ පසුව කල ප්‍රකාශයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. විශාල පත්තර පිටු ගණනක් පුරවමින් ඔබ කල ප්‍රකාශයක් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන්ගේ හා ඔවුන්ගේ ලගම නෑයින්ට ඇති මත්පැන්හල් සංඛ්‍යාව රටට හෙළි කරන බවය. එහෙත් එම ප්‍රකාශය සත්‍යයක් කිරීමට ඔබට අදවන විටත් නොහැකි වී ඇත. එහෙත් සමාජයේ කතාබහට ලක්වූයේ ඔබගේ ලගම නෑයින්ට ඔබ විසින් මත්පැන්හල් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් එහි ඇති සත්‍ය අසත්‍යතාවය හෙළි කල යුත්තේ ඔබතුමා විසින්මය. අපගේ ඉල්ලීම වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන්ගේ හා ඔවුන්ගේ ලගම නෑයින්ට ඇති මත්පැන්හල් සංඛ්‍යාව හැකි ඉක්මනින් රටට හෙළි කරන ලෙසය.එපමණක් නොව ඔබගේ ලගම නෑයින්ටද මත්පැන්හල් ඇත්නම් ඒ පිළිබදව හෙළි කරන ලෙසද ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකවය.
  • මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබදව සදහා සෙවීම සදහා ඔබතුමා විසින් පත් කරන ජනාධිපති කාර්යය සාධක බලකාය නමට පමණක් සීමාවී ඇත. මෙරට සුරාබදු නීති රීති වලට අනුව පාසලක සිට මීටර් 500 ක සීමාවක මත්පැන්සලක් පවත්වා ගෙන යා‌නොහැක. එහෙත් ගරු මැතිතුමනි තවම මේ රටේ එම නීති උල්ලංඝණය කරමින් පාසැල් අවට මත්පැන්හල් පවත්වාගෙන යනු ලබයි.
  • ඔබගේ නිලධාරීන්ට සම්මාන දීමට පෙර අප ඔබට කියන්නේ “මතින් තොර රටක්” යන සංකල්පය මාධ්‍ය සංදර්ශණයක් නම් ඔබ නිළධාරීන් එය අකුරටම ඉටුකොට ඇති බවය. ඔබට ඔබගේ නිළධාරීන් කරනු ලබන මහාබොරැව ඔබට නොදැනුනාට ජනතාවට නම් හොදින් දැනෙන බවය.

ජනාධිපතිතුමනි මාධ්‍ය සංදර්ශණ නවත්වා මතට තිතට තැබීමට දෙපයින් හිට ගනිමු! මතින් තොර රටක් හදමු.

Related posts

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

චීනයේ නියෝගයක් නිසා මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කරගැනීමට රජය තීරණ කරයි

colombotoday

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday