Colombo Today Local News

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ruwan gunasekaraමාධ්‍ය මගින් පළවූ පුවතක් සදහා අපහාස චෝදනා යටතේ පොලීසිය වෙත කෙරෙන පැමිණිලි පුවත්පත් මණ්ඩලයට හෝ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට උපදෙස් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අපහාසය යන්න අපරාධ නීතිය යටතට නොගැනේනක් බැවින් මින් ඉදිරියට එවැනි පැමිණිළි භාරනොගැනීමට සියලූම පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන බව ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මාධ්‍ය භාවිතයේදී ජනමාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු පිළිබද මාධ්‍ය සංවිධාන 9ක නියෝජිතයින්, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, පුවත්පත් මණ්ඩලයේ නියෝජිතයන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකදීයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියේ.

මේ අනුව මාධ්‍ය මගින් පළවූ පුවතක් වෙනුවෙන් කිසියම් මාධ්‍යවේදියෙකුට අපරාධ නීතියට යටත් ‍නොවන කරුණක් සදහා පුවත්පත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හෝ මාධ්‍ය භාවිතයට බාධා වන පරිදි පොලීසියෙන් කැදවීමක් ලැබුණොත් ඒ පිළිබදව ජනමාද්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

පුවත්පතක පලවූ ලිපියකින් තමන්ගේ කිර්ති නාමය කෙළෙසුනා යැයි කියමින් රාජිත සේනාරත්න අමාත්‍යවාරයා  විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පසුගියදා පුවත්පත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු අපරාධ විමර්ෂන ඒකකයට කැදවීමට කටයුතු කර තිබුණු අතර පවතින් නීතිමය තත්ත්වයට පිටින් අමාත්‍යවරයාගේ නියෝගය මත කරන ලද එම අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් දැඩි අප්‍රසාදය එල්ලවී තිබිණි.

Related posts

රජයට එරෙහි ත්‍රස්තවාදීන්ගේ පැමිණිලි විභාගයට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑමයි – සුමන්තිරන් යලි තප්පුලයි

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

20ට චන්දෙ දුන්නත් රිෂාඩ්ගේ ගෝලයෝ ආණ්ඩුවට වද්ද ගන්නේ නෑ.. විමල් වීරවංශ දැඩි ස්ථාවරයක

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin