පසුගියදා හෝමාගම අධිකරණයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු තවත් 11 දෙනෙක් අද පොලීසියට බාරවී තිබෙනවා.
සුදත්ත හිමියන් සමග පූජ්‍ය බඩල්කුඹුරේ අරියශාන්ත හිමිද පොලීසියට භාරවී ඇත. බාරවීමෙන් පසු එම හිමිවරුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට පොලීසියේ ප්රකාශකයෙන් සදහන් කළේය.