Colombo Today Local News

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට චීනයෙන් මුදල් හිමිවූ බවට පළවූ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

ඒ අනුව මෙම පුවත්පත් වාර්තාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ගොණුකල වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයට අද රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙසටයි දැනුම්දීමක් සිදුකර ඇත්තේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චීනයේ චයිනා හාබර් සමාගමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ලබා දී ඇති බවටයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කල අතර පසුව එම විමර්ශන රහස් පොලිසියට භාර කෙරුණා.

Related posts

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

“අගමැතිගේ ගජමිතුරු කල්ලිය අමාත්‍යංශ වැඩ වලට අනවශ්‍ය අතපෙවීමි කරා“ – හිටපු ඇමති චන්දිම [VIDEO]

colombotoday

අධික වර්ෂාව දිගටම තිබුණොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

Admin