7 April 2025
Colombo Today Local NewsTop Stories

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයද ඝාතනය කිරීමට සැලසුමක් ඇති බැව් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පාතාල නායක “මාකඳුරේ මධුෂ්” ලවා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන ඉන්දියානු ජාතික “මර්සිලි තෝමස්” නමැත්තා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (26දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධියට අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන් සිද්ධියේ පැමිණිලිකරු වන දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයව කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම පිණිස නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එලෙස දන්වා සිටියේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව කැඳවනු ලැබිණි.

මර්සිලි තෝමස් නමැති ඉන්දියානු ජාතිකයා ඉකුත් 21දා නාමල් කුමාර යන අයගේ වරකාපොළ පිහිටි නිවෙසට පැමිණ හැසිරුණු හා ප්‍රකාශ කළ කරුණු පිළිබඳව මතුවූ සැකයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කරගෙන යන බවද ප්‍රශ්න කිරීම්වලදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයද ඝාතනය කිරීමේ සැලසුමක් පැවැති බවට ඉන්දියානු ජාතිකයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියානු ජාතිකයා කැනඩාවේ සිට මෙරටට පැමිණ වීසා බලපත්‍ර නොමැතිව රාගම ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන මෙරට රැඳී සිට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය වෙත දන්වා සිටියේය.

එම ඉන්දියානු ජාතිකයාට සුළු වශයෙන් සිංහල භාෂාව කතා කිරීමට හැකියාවක් ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම සලකා බැලීමෙන් පසු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි කියන දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂාව සඳහා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයව අද (26දා) පෙරවරු 10ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

විමර්ශන පවත්වා වාර්තා කරන තෙක් නඩුව වසා තැබීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය තීරණය කළාය.

මව්බිම

Related posts

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

colombotoday

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday