Colombo Today Local News

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට  තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් ප්‍රකාශ කර සිටිනවා.
 
අද දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ශ්‍රී දළදා මාලිගාවේ ස්ථානයට පැමිණීමට එම පෙරමුණ සූදානමින් සිටී.

‍මේ අතර රතන හිමියන්ගේ ඉල්ලීම්ට කන්දී අන්තවාදී දේශපාලකයන් තනතුරුවලින් ඉවත් නොකළහොත් වැඩ වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

Related posts

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

colombotoday