රට වටා

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

තෛපොන්ගල් උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුව කොටහේන ශාඛාවේදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.

රටට ජනතාවට මෙන්ම ගනුදෙනුකාර භවතුනට ආශිර්වාද පතා මෙහිදි විශේෂ හින්දු පුජාවක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක්ද සහභාගි වූහ. මීට සමගාමිව හින්දු ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල මහජන බැංකු ශාඛා මෙදින විවෘතව තැබුණ අතර එම ශාඛාවන්  හි ද විශේෂ තෛපොන්ගල් සැමරුම් උත්සව සමග ගනුදෙනු කටයුතු ද සිදු කෙරිණි.

Related posts

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

colombotoday

ලොතරැයි 20 ට 25දා සිට අලෙවියට

colombotoday

ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday