Colombo Today Local News

මරාගෙන මැරෙන්න පන්සලකට යන්න හිටියා… සහරාන්ගේ දෙවන ප්‍රහාර මාළාව ගැන බිරිය හෙලිකරයි…

අප්‍රේල් 21 වනදා සිදුකළ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසුව තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය දෙවන ප්‍රහාර මාළාවකටද සූදානම්ව සිටි බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සයින්දමරුදු හිදී බෝම්බ පුපුරුවාගෙන මිය ගිය ත්‍රස්තයන් අතර, තුවාල ලබා සිටියදී ආරක්ෂක අංශ භාරයට පත්වූ මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැත්තිය මේ පිළිබදව කරුණු අනාවරණය කර ඇති අතර, තමන්ද මරාගෙන මැරෙන බෝම්බ කාරියක් ලෙස යෙදවීමට සූදානම්ව සිටි බව පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 19 වැනි දින සහරාන්ගේ සොයුරා වන රිල්වාන් සමග මෙම තැනැත්තිය සහ, මඩකලපුව බෝම්බකරු සහ කටුවාපිටිය බෝම්බකරුගේ බිරියන් දෙදෙනාද කොළඹ සිට අම්පාරට පැමිණ ඇති අතර ඒ අන අතරතුරදී ගිරිඋල්ල ජයසුන්දර ටෙක්ස්ටයිල් ආයතනයෙන් සුදු පැහැති කාන්තා ඇදුම් කට්ටල නමයක් මිළදී ගෙන තිබෙනවා.

පළමු ප්‍රහාරයෙන් පසුව මෙම කාන්තවන් යොදාගෙන පන්සලකට සහ කලවංචිකුඩියේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම වී තිබෙන අතර, පළමු ප්‍රහාරයෙන් පසුව රට පුරා ආරක්ෂක රැකවල් තර වූ බැවින් සැලසුම පසුපසට ගැනීමට සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් තීරණය කර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් දෙවන ප්‍රහාර මාළාවට සැරසෙමින් සිටි මෙම ත්‍රස්තයන් පිරිස සිය සැලසුම වැරදී ගිය බැවින් සයින්දමරුදු හිදී පුපුරවාගෙන මිය ගිය අතර දිවි ගලවා ගැනීමට සමත් වූයේ සහරාන්ගේ බිරිය සහ දියණිය පමණි.

මව්බිම ඇසුරෙන්.

Related posts

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

colombotoday

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

නීති විරෝධී රත්‍රන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday