ප්රජාතාන්ත්රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා එච්.එන්.ඩී.ඒ. ශිෂ්‍යයන් සිදුකළ සාමාකාමී උද්ඝෝෂණයට හිතුවක්කාරී මෘග ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආණඩුව පෙන්නුම් කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් මර්ධනයක් දියත් කිරීමද යන සැකය මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ වැඩි දුරටත් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (1) පැවති මාධ්‍ය හමුවකදීයි.