Colombo Today Local News

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

මම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පමණක් පත්වූ ඇමතිවරයා නොව සියලු ක්‍රීඩා වෙනුවෙන් පත්වූ ඇමතිවරයා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුධය විසදීලීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කීයා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නගා සිටුවීම සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන බවත් තමන් ක්‍රිකට් වෙනුවෙන් පමණක් පත් කළ ඇමතිවරයා නොව සමස්ත ක්‍රීඩාවන් සම්බන්ධයෙන් පත්වූ ඇමතිවරයා බව ප්‍රකාශ කර සිටියා.

ක්‍රිකට් සම්බන්ධයෙන් වෙනම පාලන ආයතනයක් තිබෙන බවත් හිටපූ ක්‍රීඩකයින් ද සමග එක්වී සාකච්ජා කොට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා කටයුතු කරන බව පැවසූ ඇමතිවරයා ක්‍රිකට් පමණක් නොව සෙසු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ද එම ක්‍රියා මාර්ගය අනුගමනය කිරිමට අදහස් කරන බව කියා සිටියා.

නව ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ “ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මෙවර බොහෝ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යධුරයන් සඳහා තරුණ දේශපාලඥයින්ට විෂය පථයන් බෙදලා වැඩ කිරීම සඳහා අවස්ථාව ලබාදීලා තිබෙනවා.

ගෝලීය ගැටළු හමුවේ ඒ සියල්ල ජය ගැනීමට පත්වූ කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සමස්ත ආණ්ඩු පක්ෂයම කැපවීමෙන් යුතුව වැඩ කරන්න සිදුවෙනවා” බවයි.

Related posts

සශී වීරවංශගේ පාස්පෝර්ට් එක ගැන හිටපු ආගමන විගමන පාලක සියල්ල හෙළි කරයි

colombotoday

උසාවි නියෝග නොතකමින් නැවත ප්‍රවාහනයට සූදානම් කරමින්සිටි කසල තේ කිලෝ ග්‍රෑම් 3900 ක් අත්අඩංගුවට

colombotoday

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

ප්‍රසංගයේ වෙඩිතැබිමේ සිදුවීමේ වගකීම අයි.එස්. සංවිධානය බාරගනී

Admin