Colombo Today Local News

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල සම්බන්ධයෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය ලබා දී ඇති වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකි බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මෙම අස්ථි සාම්පල මීට වසර 231 කට පෙර මිය ගිය පිරිසකගේ බවයි.

අදාළ මිනිවල සම්බන්ධයෙන් පරිපූර්ණ විද්‍යාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය තමන් වෙත දැනුම් දීමක් සිදුකළ බවද රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළා.

එම පරීක්ෂණ සඳහා අවශ්‍ය අධිකරණ භාරයේ තිබූ අස්ථි කොටස්ද තමන් වෙත නිදහස් කළ බවයි ඒ මහතා කියාසිටියේ.

අධිකරණයේ ඉල්ලීම් අනුව මන්නාරම මිනිවල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාව ජූලි මස 31 වනදාට පෙර භාර දීමට කටයුතු කරන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළා.

2018 වසරේ මාර්තු 26 වනදා මන්නාරම මිනිවල පිළිබඳ පළමු වරට තොරතුරු අනාවරණ කළා.

ඒ අනුව, මේ දක්වා එහි සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 342 කට අයත් අස්ථි කොටස් හමු වී තිබෙනවා

Related posts

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

colombotoday

වැලිසරින් කෝටි 225ක හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

“අජිත් පෙරේරා දන්න නීතියක් නෑ.. කෝප් රහස් එළියේ කීම වැරදී.. අර්ජුන් නිවැරදී“ – සුජීව

colombotoday