Colombo Today Local News

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය ප්‍රකාශ කර ඇත.

පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක තිබි අදාළ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවය.

අදාළ ගෙහිමියා ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රවය තොගය දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති බවද පොලීසිය ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

ලීටර 20 ක ප්‍රණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ මෙලෙස සොයාගෙන ඇති බව ද පැවසේ.

සොයාගත් පුපුරණ ද්‍රවය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

අද දෙරණ

Related posts

ඉදිරියට එන්නේ මහ නරක කාලයක්… දැන්ම මඤ්ඤොක්කා බතල හිටවන්න පටන් ගන්න

colombotoday

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසය සජිත්ගේ සන්ධානයට එක්වෙයි !

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

එජාපය ට ගම දෙන්න.. රටටම සෞභාග්‍ය උදා කරනවා – අගමැති

colombotoday