Colombo Today Local News

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු  අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මධූෂ්ගේ පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි මහත්මිය විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

එම  පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය. මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී  1989 වසරේදී යුද හමුදාව විසින්  ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවාය.

මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කරයි. මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය. පසුව හෙදියක සමඟ විවාහ විය. හෙතෙම එක් දරු පියෙක් ද වේ. ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.

පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය. රිමාන්ඞ් බාරයේ සිටියදී ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය. මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය. හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති   බැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ. මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.

Related posts

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

colombotoday