Colombo Today Local News

මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් මැරුම් කති

වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් මිය ගියහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයින්ගේ සහයකයින් ලෙස කටයුතු කර ඇති බව ය.

මිය ගිය එක් සැකකරුවෙකු බයිලා නොහොත් රුමල්ෂ ඉරේෂ් මදුෂංක නවගමුව ලෙස හඳුනාගෙන තිබේ.

මොවුන් රනාල, අතුරුගිරිය, හෝමාගම ප්‍රදේශවල කප්පම් මුදල් එකතු කරන්නන් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳ තොතුරක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද දහවල් වත්තේගම – තෙල්දෙණිය මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් යොදවා තිබේ.

එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බව ය.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතන ,මුදල් කොල්ල කෑම් වැනි චෝදනාවලට අදාළව නඩු 11ක් පමණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

Related posts

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday

විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායන වීම අනිවාර්යයි

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday