ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් අද දින තුල මෙරටට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂාවෙන් බුද්ධි අංශ කිහිපයකට අයත් නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේ බලා සිටින බව වාර්තා වෙනවා.
ඒ ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව පැමිණෙන මදුෂ් අත්අඩංගුවට ගැනීම සඳහායි.
මීට අමතරව කටුනායක ගුවන්තොටුපල අවටද විශේෂ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ආරක්ෂාව දැඩි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.