Colombo Today Local News

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

දැනට ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්ථාව අනාවරණය කර තිබේ.

මද්‍යසාර භාවිතය ලොව පුරා මිනිසුන්ගේ සතුට, සෞඛ්‍ය සහ සංවර්ධනය අඩාල කරවන මිනිසුන් රෝගී කරවන, පුද්ගලයින්ගේ ජීවිත හා පවුල් මෙන්ම සමාජයද බිඳ වැටීමකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බවත් මද්‍යසාර භාවිතය මිනිසුන්ට වැළදෙන ලෙඩරෝග රැසකට දායක වන ප්‍රධාන සාධකයක් බවත් මේ වනවිට සමාජ හා විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණයකරගෙන ඇත.

මධ්‍යසාර භාවිතය ලෙඩරෝග 60කට ප්‍රධානතම හේතුසාධකයක් වන අතර තවත් රෝග 200ක් සෑදීමට දායක වන බව ඉන් තහවුරු කර ගෙන තිබේ.

එමෙන්ම ලංකාවේ මිනිසුන් මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක්ද බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58ක්ද වියදම් කරන බව මද්‍යසාර සමාගම්වල වාර්තාවල සඳහන් වෙයි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වුවන්ට සෞඛ්‍ය වියදම ලෙස රුපියල් බිලියන 145ක් වැය වන බවද සෞඛ්‍ය දත්ත වාර්තා කරයි.

Related posts

ආණ්ඩුව ණය ගන්නකොට විජිතයි ටිල්විනුයි පොඩ්ඩක් දැනුවත් කරන්න

Admin

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin