Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මව පුතා දුන් තොරතුරකින් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාළ හෙරොයින් තොගය සොයාගත් බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය දා කැලණිමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන් වේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඔහුගේ මව සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

පසුව සැකකරුගේ මව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දී ඔහුගේ නිවසේ වළදමා තිබිය දී හොරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 300ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

Related posts

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

අගමැතිගේ 40වසරක පාර්ලිමේන්තු දිවි සැමරුමට දුප්පත් පවුලකට නව නිවසක් (Photo)

colombotoday

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday