Colombo Today Local News

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

පුත්තලම මූලස්ථාන පොලිස් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිට පුත්තලමට ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ තරුණයා අවුරුදු 66 සහ 22 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේය.

වැටලීමේ දී තරුණයාගේ සහ කාන්තාවගේ යට ඇඳුම්වල සඟවා තිබූ රුපියල් ලක්ෂ එක හමාරක වටිනාකමකින් යුත් බ්‍රව්‍රන්ෂුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 410ක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත් කාන්තාව හා තරුණයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Related posts

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන්න – විපක්ෂ නායක

colombotoday

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday