මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්,මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ පොල්ස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර ඊයේ (22) පැවති හමුවකදී මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම ඇතුළු වැදගත් මාතෘකාවන් ගණනාවක් සාකච්ඡා වී තිබෙනවා.