Colombo Today Local News

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

තමන්ගේ කටයුතු ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා ලිඛිතව දැනුම් දීමක් සිදු කර ඇත.

නිතිපතිවරයා විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති විශේෂ කොමිෂන් සභාවක් වෙතය.

​තමන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ක්‍රියාකරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට හැකියාවක් නැතැයි අදාළ කොමිසමට නීතිපතිවරයා විසින් ලිඛිතව දැන්වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිශා​රා ජයරත්න ප්‍රකාශ කරයි.

අදාළ කොමිසමේ ලේකම්වරියට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර සිතාසි නිකුත් කර තිබිණි. එම සිතාසියට අනුව ලේකම්වරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පර්ල් කේ. වීරසිංහ ලේකම්වරියට එරෙහිව දෙවන වතාවටත් වරෙන්තු නිකුත් කර ඇත. නීතිපතිවරයා සහ කොමිසම අතර මත ගැටුමක් නිර්මාණය වී ඇත්තේ අදාළ නඩු කටයුත්තට සහ නඩු කිහිපයක ක්‍රියාකාරිත්වයට අදාළවය.

Related posts

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday