Colombo Today Local News

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

හිටපු ඇමති මංගල සමරවීර මහතා දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය දිනයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් උතුරු පළාතේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් වියදම් කිරීමට අනුමැතිය දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පසුගිය 14 වෙනිදාද හිටපු අමාත්‍යවරයාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් අතර හිටපු ඇමැතිවරයා එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ තමන් එම මුදල වියදම් කළ බව පිළිගන්නා බවයි.

ඒ සඳහා තමන් අත්සන යෙදූ බවත් තම අනුමැතියෙන් එය සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම චෝදනාව එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

Related posts

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

ලාෆ් ගෑස් හිඟයක්

Admin

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday