කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නිතිඥ තීෂ්‍ය වේරගොඩ මාර්ගයෙන් පෙත්සම ගොණුකර තිබුණේ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේය.
පෙත්සම්කාර ශිෂ්‍යා කියා සිටිනුයේ බොරු චෝදනා නගමින් පොලිසිය තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවත් ඉන් තමාගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් අධිකරණයට හැගෙන සුදුසු වන්දියක් ද ලබාදෙන ලෙසය.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.