බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළි ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
එවැනි තීරණයක් ගෙන ඇත්තේ ඔහු සමග සාකච්ඡා පැවැත්වු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙනි.
කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරයා පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමග උදෑසන ආහාරය ලබාගෙන ඇති බව ද සඳහන් වේ.
බොරිස් ජොන්සන් මීට පෙර ද කොවිඩි නයින්ටීන් ආසාදනය වි සුවය ලැබුවෙකු වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා සදහන් කළේය.