Colombo Today Local News

බොදු බලේ ගැන පත්තරේ කොමිෂන් සභා නිර්දේශ ගැන කියන කතා ඇත්තද? | පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් බොදු බලය ඉල්ලයි.

බොදු බල සේනා සංවිධානය පිළිබඳව The Morning පුවත්පත පළකර ඇති පුවතක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම්,
ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
2021/2/12

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා ගැනීම.

තවුහිඩ් මතවාදයෙන් සන්නද්ධ වූ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් සිදුකල පාස්කු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කීරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය සහ සංවිධානයට නායකත්වය ලබා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එදිරිව අඩංගු නිර්දේශ පිළිබඳව වාර්තාවක් අද (2021/02/12) දින The Morning පුවත්පත විසින් ප්‍රධාන පුවත ලෙස වාර්තා කර ඇත.

කොමිෂන් සභා වාර්තාව අප දන්නා පරිදි එහි සභාපති විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත පමණක් භාරදී ඇත. එම වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාර්ශවයකට ලබා දී ඇති වගක් ද දැනගන්නට නොමැත. එවැනි වාතාවරණයක් තුල අදාළ වාර්තාවේ අප සංවිධානය පිළිබඳව අඩංගු නිර්දේශ යැයි සඳහන් කරමින් යම් යම් කරුණු මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් අප සංවිධානයට අසාධාරණයක් සිදු වී ඇත.

බොදු බල සේනා සංවිධානය පිළිබඳව The Morning පුවත්පත වාර්තා කර ඇති මෙම පුවත සැබෑ පුවතක් ද යන්න නිළ වශයෙන් දන්නේ කොමිෂන් සභා වාර්තාව සකස්කළ පාර්ශවය හා භාරගත් පාර්ශවය පමණි. අදාළ පුවතින් පසුව ජනතාව කලබලයට පත්ව ඇති බැවින් අප සංවිධානය ද මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකල යුතුව ඇත. එබැවින් මෙම වාර්තාවේ පිටපතක් බොදු බල සේනා සංවිධානය වෙත කඩිනමින් නිකුත් කරන ලෙසත් එසේ නිකුත් කිරීමට ප්‍රමාද වන්නේනම් එතෙක් පුවත්පත පලකර ඇති පුවත සත්‍යයක්ද යන්න පමණක් හෝ ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

එරන්ද කේ නවරත්න,
මාධ්‍ය ලේකම් – බොදු බල සේනා.

Related posts

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

ත්‍රස්තවාදීන්ට කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්න සජිත් යෝජනා කරයි.. අලි සබ්‍රි විරුද්ධ ද? ප්‍රශ්න කරයි..

colombotoday