Colombo Today Local News

බුදු පිළිම සංහාරය ගැන බොදු බල සේනාවෙන් නිවේදනයක්…

පසුගිය දිනවල මාවනැල්ලේදී බුද්ධ ප්‍රථිමා කඩා දැමීම පිළිබදව බොදු බල සේනා සංවිධානය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගියදා මාවනැල්ලේ සිදු වු බුදු පිලිම වලට මුස්ලිම් අන්තවාදී පිරිස් පහරදීම පිළිබඳව …

පසුගියදා මාවනැල්ලේ සිදු වු බුදු පිලිම වලට මුස්ලිම් අන්තවාදී පිරිස් විසින් පහර දීම පිලිබඳ බොදු බල සේනා පුදුමයට පත් නොවන්න්නේ හෝ කලබල නොවන්නේ මුස්ලිම් අන්තවාදය අපි හොදින් දන්නා බැවින් හා එම අන්තවාදයට බුද්ධිමත්ව, ඉවසීමෙන් හා උපායමාර්ගිකව මුහුණ දීමට අප පරිණත බැවිනි..

කනගාටුදායක කරුණ වනුයේ පසුගිය විසිවසර තුල අපගේ රජයන් එයට මුහුණ දීමට කටයුතු නොකිරීමය..

2001 දී චන්ද්‍රිකා කුමාරණතුංග ජනපතිනිය පත්කල බුද්ධ ශාසනය පිලිබඳ ජනාධිපති සභාව විසින් හදුනාගත්, ඇය ජනාධිපතිනියව සිටියදීම 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ප්‍රකාශයට පත් කල ජනාධිපති කොමිෂන් සභා වාර්තවේ පැහැදිලිව ප්‍රකාශයට පත් කල , එමෙන්ම හිටපු අමාත්‍ය අලෙවි මව්ලානා 2009 දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල මුස්ලිම් අන්තවාදය පිලිබඳව අදාල රජයන් කිසිදු පියවරක් නොගැනීම නිසා 2012 සිට බොදු බල සේනාවට මේ ගැන මතයක් ගොඩ නගන්නට සිදු විය..

බහුතරයක් මුස්ලිම් පිරිස් සම්බ්න්ධ නොවුනද කනගාටුදායක කරුණ වුයේ මෙම මුස්ලිම් අන්තවදීන් පිරිස් විසින් නිදාහසේ සමහර දේශපාලකයින් හා ජාත්‍යන්තර ආධාර ලබමින් සිය කටයුතු ව්‍යාප්ත කිරීම සිදු විමය.

මෙම කණ්ඩායම් විසින් අලුත්ගම,බේරුවල, ගිංතොට, දිගන, ගම්පොල ආදී ප්‍රදේශවල ගැටලු ඇති කොට බොදු බල සේනාවට වරද පැටවිමට කටයුතු කරන ලදී..

කුරාණ ඉගැන්වීම් යැයි කියමින් ව්‍යාපාර කරමින් මුදල් සොයමින් අන්තවාදය හා ත්‍රස්තවාදය පතුරවන අංකුර ප්‍රසිද්ධියේ මතුවන බව කනගාටුදායකව වුවද ප්‍රකාශ කල යුතුය..

මෙහිදි සිංහල බෞද්ධයින් හා විශේෂයෙන් තරුණ පිරිස් ඉතා බුද්ධිමත්ව හා උපායමාර්ගිකව මෙම ගැටළු වලට ප්‍රතිචාර දැක්විය යුතුය..

බෞද්ධයින් වශයෙන් ව්දේශික පාලනයන් විසින් මෙන්ම නිදහසින් පසු අපට ලබා දුන් ජයග්‍රහණ වලට වඩා අසාධාරණයන් අතිමහත්ය .ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පවා අපට අහිතකර වී ඇත්තේ බ්‍රිතාන්‍යයන් වීසින් අපව බෙදා වෙන් කර ඇති ප්‍රතිපත්ති අදටත් ක්‍රියාත්මක බැවිනි..

බෞද්ධයින්ට ජයග්‍රහණය ලබා දී, සියලු ආගමික හා ජනවර්ග වලට සාමයෙන් ජීවත්වීමට නම් සියලු අන්තවාදයන් පැරදවිය යුතුය.

මාවනැල්ලේ බුදු පිළිම කඩා දැමීම අහම්බයක් නොව කාලයක් තිස්සේ අපගේ පාලකයින්ගේ නොසැලකිල්ල හා මෝඩකම් නිසා වර්ධනය වූ.මුස්ලිම් අන්තවාදයේ බීජයන්ය.

මෙම බීජ විශාල ගස් ලෙස වැඩුනු පසු විනාශ කල නොහැක. මුල් කාලයේදීම විනාශ කල යුතුය..බොදු බල සේනා හා ඤාණසාර හිමි මතු කලේ මෙම අර්බුදයයි..මාධ්‍ය , දේශපාලනය් හා මුස්ලිම් අන්තවාදය කෙතරම් ශක්තිමත් වුවද ඔවුන් බොදු බල සේනව හා ඤාණසාර හිම් ත්‍රස්තවාදී ලෙස හංවඩු ගසා ඔවුන් සාමයේ දුතයින් ලෙස පෙනී සිටියෝය.

මෙම අර්බුද වලට සාර්ථකත්ව මුහුණ දීමට සෑම ශ්‍රී ලාංකිකයකුම හා විශේෂයෙන් බෞද්ධයන් විසින් 2002 චන්ද්‍රිකා හා රනිල් වගකිවයුතු, බෞද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කියවා එය ක්‍රියාත්මක කිරිමට බල කල යුතුය. ඊලග මැතිවරණ වල මුලික ඉල්ලීමක් කල යුතුය..

වැරදි කරුවන්ට දඩුවම් කිරීම, නොමග ගිය පිරිස් පුනරුත්ථාපනය කිරීම මෙන්ම මෙම අන්තවාදී ආගමික කටයුතු ප්‍රවර්ධනය කරන්නන් හෙලිදරව් කිරිමටද කටයුතු කල යුතුය..

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදුබල සේනා සංවිධානය

Related posts

කුඩු ගහන ඇමතිලා ගැන හොයන සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි…

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday