Colombo Today Local News

බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

උඩුනුවර යටිනුවර මාවනැල්ල ප්‍රසිද්ධ ස්ථාන වල බුදුපිළිම වහන්සේලාට අලාභ හානි කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි. විනාශ කළ බුදු පිළිමය වෙනුවට නව බුදු පිළිමයක් වෙලම්බඩ පොලිසිය මගින් ස්ථාපිත කරයි.

 ඊයේ (25) රාත්‍රි හා අද (26) අලුයම යටිනුවර ඓතිහාසික දොඩම්වල දේවාලය ඉදිරයේ ඇති බුදු පිළිමයට හා උඩුනුවර වෙලම්බඩ ලියන්ගහවෙල රත්නදීප විහාරයේ බුදු පිළමයට හා කුඩා පිළිම දෙකක් පොළවේ ගසාද විනාශ කර දමා ඇති බවද පොලීසිය පැවැසිය.

එම ප්‍රදේශයන්හි ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්‍ය බලකා සෙබළුන්ද යොදවා ඇති අතර මෙම ප්‍රදේශ වල කඩුගන්නාව,වෙලම්බඩ,පේරාදෙණිය පොලිසි මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද පොලිසිය පැවැසිය.

උඩුනුවර වෙලම්බඩලියන්ගහවෙල රත්න දීප විහාරයේ විනාශ වු බුදු පිළිමය වෙනුවට වෙලම්බඩ පොලිසිය හා වෙලම්බඩ ප්‍රජා කමිටුව එක්ව මහා සංඝරත්නය 30 නමකට අධික සංඛ්‍යාවක් වඩම්මා එම ස්ථානයේ නව බුදු පිළිමයක් ස්ථාපිත කරවීය.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

colombotoday

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

එක්නැලිගොඩගේ කොටි සබදතා පිළිබද හඬපටයක්‌ යුද හමුදාව CIDයට භාර දෙයි

colombotoday

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday